මම අද කියල දෙන්න යන්නේ හැමෝම
අවදානයෙන් සිටිය යුතු දෙයක් ගැන, ඒ තමයි “වඳ භාවය” මේ වචනෙට ඔයාල වගේම මමත් බයයි.
ඒ නිසාම මේ ගැන ලිපියක් ලියන්න හිතුනා.මම හැමදෙයක්ම දන්නේ නැති උනාට, දන්නා ටික
හරි ලියන්න හිතුනා. ඔන්න එහෙනම් දැන් අපි පාඩම පටන් ගමු
වඳ භාවය යනු කුමක්ද..?
ප්‍රජනක අවදියෙන් පසු වන යුවලකට ආර්ථව චක්‍රයේ සරු කාලය තුල උපත් පාලන ක්‍රම භාවිතා නොකර ක්‍රමවත් සංසර්ගයේ යෙදුනද වසරකට පසුද පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් එය වඳ භාවය ලෙස හදුන්වයි.
පුරුෂයින්ගේ වඳ භාවයට
හේතු
- ශුක්‍ර තරලය 1ml ක ශුක්‍රාණු මිලියන 20 කට වඩා අඩුවෙන් පිහිටිම.
- ශුක්‍ර තරලයේ චාලක හැකියාව නොමැති ශුක්‍රාණු 50% ට වඩා වැඩියෙන් පවතීම.
- 35% ට වඩා රුපිය අසාමාන්‍යතා සහිත ශුක්‍රාණු තිබිම.
- ශුක්‍ර තරලයේ රසායනික සංඝටක (එන්සයිම, ෆර්ක්ටෝස් වැනි පරිවෘත්තීය ද්‍රව්‍ය) වැරදි අනුපාතවලින් තිබිම.
- ශුක්‍ර තරලයේ ඉහල pH අගයක් තිබිම.
ස්තීන්ගේ වඳ භාවයට හේතු
( උදව්වක් හැටියට, කැමති අය ad එකක් උඩ කොටලම යන්න)
- පැලෝපිය නාල අවහිර වීම.
- වයස
- ප්‍රජනක පද්ධතියේ අසාධන (PID)
- හෝමෝන අසමතුලිතතාවයන්
- ගර්භාෂයේ ඇතුලත තිබිය යුතු පටක වෙනත් ස්ථානවල පිහිටිම.
- ඉන්සියුලීන් ප්‍රතිරෝධිතාවය
මද සරු භාවය (Sub Fertility)
ස්ති%යක සහ පුරුෂයෙකු ප්‍රජනන
වයස් සීමාවේදී උපත් පාලන ක්‍රම භාවිතයෙන තොරව ලිංගික එක්වීමෙන් ප්‍රමාද වී
ගර්භනීභාවයට පත් වේ නම් එය මඳ සරුභාවය ලෙස සැලකේ. මෙය නිවැරදි කල හැක. මේ සදහා
සහයක ප්‍රජනනය හෝ දේහයෙන් බැහැරව සංසේචනය සිදුකල හැක.
මඳ සරුභාවයට හේතු
- ආසාදක රෝගවලට ගොදුරු වීම eg :-කම්මුල්ගාය
- වෘෂන කෝෂවල වර්ධනය නිසි ලෙස සිදු නොවීම.
- ගෝලීය උණුසුම, මධ්‍යසාර භාවිතය සහ දුම් පානය.
ලෝකයේ 40% ක් පමණ
කන්තාවන් මඳ සරුභාවයෙන් පෙලේ. මෙම තත්වය Polycystic ovarian syndrome ලෙස
හදුන්වයි.
( උදව්වක් හැටියට, කැමති අය ad එකක් උඩ කොටලම යන්න)

No comments:
Post a Comment