Thursday, December 29, 2011

පරාජය සහ ජයක්ග්‍රහනය

අපි හැමදාම අන්තර්ජාලය තුල දකින Web අඩවි Blog අඩවි වලට වඩා තරමක් වෙනස් Blog අඩවියක් මේක. අපි හැමදාමත් කලහකාරී සමාජයක් තුල,අපි ගැනවත් නොසිතමින් ජිවත් වේ. මම, ඔබගේ සිතුවිලි ඔබ දෙසට යොමු කිරීමට උත්සහ ගනිමි. මදක් සිතන්න.ඔබ ජයක්ග්‍රහයක් ද නැතිනම් පරජිත‍යෙක් ද ඔබ ජයක්ග්‍රහයක් වුවත්, පරජිත‍යෙක් වුවත්, ඒ තත්වය,ඔබ විසින්ම ඔබට ලබා දී ඇත.ලෝකයේ ඕනෑම දෙයක් වෙනස් කල හැක.ඔබ, ඔබවද වෙනස් කරන්න................
පරාජය හමුවේ පැන යන අය කවදාවත් නොදිනන අතර දිනන අය කවදාවත් පැන නොයයි.                                      


ඒබ්‍රහම් ලින්කන්.......


1831 දි ඔහුගේ ව්‍යයාපාර කටයුතු අසාර්ථක විය.
1834 දී ව්‍යවස්ථාදායකයට තරගකර පරාජය විය.
1834 දී ව්‍යයාපාර යළිත් බිද වැටුනි.
1838 දී කථානායක තනතුරට තරග කර පරාජය විය.
1843 දී තරග කර පරාජය විය.
1846 දී නැවත තරග කර පරාජය විය.
1849 දී ඉඩම් නිලධාරී තනතුරට තරග කර පරාජය විය.
1855 දී සෙනේට් මන්ති තරගයෙන් පරාජය විය.
1856 දී ඔහු ඉදිරිපත් කල උපජනාධිපති සදහා නාමයෝජනාවද ප්‍රතික්ෂේප විය.
1856 දී යළිත් සෙනේට් මන්ති තරගයෙන් පරාජය විය.
1860 දී මුළු මහත් ඇමරිකාවේ ජනාදිපති ධුරයට  තරග කර ජයක්ග්‍රහනය ලැබුවේය.

මිහිතලයට අපි ආවේ කොහෙන්ද...?

අනාදිමත් කාලයක ඉදලම මිනිස්සු හො‍යපු,තාමත් හරි උත්තරයක් නැති පුශ්ණයක් තමයි ඒක. මිහිතලය,මිහිතලයේ වු ජීවය.මේ සුන්දරත්වය කිසියම් අදෘෂමාන සර්ව බලධරි දේවි‍යන් වහන්සේ කෙනෙකුගේ මැවිමක්ද.?නැතිනම් එය ස්වභාව ධර්මයේ අති විශිෂ්ඨ සංකලන‍යක පුතිඵලයක් ද.?ඒක ඇත්තටම විද්‍යව තුලින් පවා හරියටම නොවිසදුන ගැටලුවක්.නමුත් සෑම ආගමකම වාගේ මිහිමත ජීවය සම්භවය පිළිබද අදහස් ඉදිරිපත් කරලා තියෙනවා.ඒකේන් පේන්නේ මේ ගැටලුව විසදා ගැනිමට සෑම ජන කොට්ඨාශයක්ම ලොකු උවමනාවක් තිබුනු බවයි. ලොව පැරණිතම ආගමක් වන හින්දු ආගම තුලද  ජීවය සම්භවය පිළිබද ලස්සන කතාන්දරයක් ගැබ්වෙලා තියෙනවා.

01.ජීවයේ සම්භවය පිළිබද බෞද්ධ මතය.
02.ස්වභාව ධර්මයට අනුව සිතිම.
03.ඇරිස්ටෝටල් සිතූ හැටි.
04.ලුවි පාස්චර්ගේ පරීක්ෂණ.


01.ජීවයේ සම්භවය පිළිබද බෞද්ධ මතය.



වාසෙට්ටය,
ලෝකය හට ගන්නා කල්හි බොහෝ සෙයින් ආභස්සර බ්‍රක්ම ලෝකයහි චුතව මේ මනුෂ්‍යභවයට පැමිණෙති.ඔව්හු තුමු මනුෂ්‍ය ලෝකයෙහි ඔපපාතිකව මනසින්ම උපන්නාහු ප්‍රිතිමය ආහිර කොට ඇත්තාහු වෙති. ස්වකිය ශරිරය ආලෝකයෙන් බබලන්නාවු,අහසේහි හැසිරෙන්නාවු මනෝඥ ස්වභාවයක් ඇත්තාහු වෙති.


වාසෙට්ටය'
ඉන්පසුව ලෝක ස්වභවය ඇති එක්තරා සත්ත්වයකු මේ කිමෙක් නම් වන්නේද.? මෙහි පැහැය හොදය,සුවද හොදය,රසය කුමක් දැයි එහින් උපන් ලෝභ‍ය නිසා රස පොලොවෙහි ඇගිල්ල හා දිව අග තබා තලු ගසා රස වින්දේය'එමගින් ඔහුගේ රස නහර පිනා ගොස් මනවඩා සිටියේය. ඔහුට ඒ මගින් තන්හාවද පහලවිය. අනෙක් සත්ත්වයේද ඔහුව අනුගමනය කළෝය.එකල් හි ඔවුන්ගේ ශරිරාලෝකයත් අතුරැදහන් විය.         -අග්ග‌‍‌‍ඤ්ඤ සුත්‍ර දේශනාව-


02.ස්වභාව ධර්මයට අනුව සිතීම.


කොහොම ‌‍‌‍උනත් තාමත් මිනිසාට විශ්මය ඇතිකරන ප්‍රශ්නයක් ජීවය හටගත්තේ කෙසේද යන වග.
ස්වභාව ධර්මය තුල පරිනාමික ක්‍රියාවලියත්, එහි රටාවත් නවින විද්‍යඥයා හොදින් දකිනවා. සර්ව විශ්වවේදී සොයාගැනිම් වලින් ලබපු අවබෝධය අනුව  විශ්වයේ ස්වභාවික ක්‍රියාවලියක් මගින්ම ජීවය ජනීත කරන්නට ඇති කියන උපකල්පනයට නුතන විද්‍යඥයින් මේ වන විට පැමිණ සිටිනවා.
03.ඇරිස්ටෝටල් සිතූ හැටි.

  මඩ ගොහොරු වල පණුවන් සහ කුණුවී යන මස් වල කුඩා පණුවන් ඉන්න බව  දැක්කහම මේ ග්‍රීක දාර්ශනිකයා සීතුවේ ඔවුන්අජීවී ද්‍රව්‍ය වලින් ස්වංසිද්ධව ඇති වන බව. බෝහෝ දියුණු සතුන් පැටවුන් බිහිකරන බව ඔහු දකින්නට ඇති. නමුත් පණුවන් ඇති වන්නේ ස්වංසිද්ධව කියා  ඔහු සිතන්නට ඇත්තේ ඔවුන්ගේ අලිංගික ප්‍රජනනය ක්‍රියාවලි පිලිබදව හරි අවබෝදයක් නොතිබුණු නිසා වෙන්නට ඇති. ඒ කාලෙ ලෝකෙ මිනිස්සුන්ගෙ තිබුන දැණුම අවබෝධය එක්ක බලනකොට ‘ජීවය’ පිළිබද මෙහෙමවත් අදහස් දක්කපු ඒකත් ලොකු දෙයක් නේද.?
                 නමුත් චින්තනය දවසින් දවසම දියුණු වුනා මල් හට ගැනී විකසිත වීගෙන එන විද්‍යත්මක චින්තනයේ දැඩි පිරික්සුම ඉදිරියේ මේ අදහස් තවත් වැඩි කාලයක් පවතුනේ නැහැ.
                    ‘ප්‍රැන්සිස්කෝ රෙඩ්’ කියන  විද්‍යඥයා පෙන්වලා දුන්නා මස් වල ඇති වන පණුවො මැස්සන් විසින් දමපු බිත්තර තුලින් බිහිවන කීටයන් බව.
                  මැස්සන්ට බිත්තර දමන්න බැරි විදියට රෙදි කඩකින් වසා දමපු භජන වල තිබූනු මස්වල පනුවෝ හැදෙන්නේ නැති බව ඔහු පරීක්‍ෂණාත්මකව ඔප්පු කලා.ඔහුගේ නිරීක්‍ෂණ සරල උනාට තීරණාත්මක  එකක් උනා. ඒ උනාට මේ ජීවයේ ඇති විම පිළිබද මතවාද  ලෝකයේ දිගටම පවතුනා.ඔය අතරෙ තමයි “ඇන්ටන් වැන් ලියුවැන් හුක්” කියන විද්‍යඥයා අන්වීක්ෂය නිපදවලා ඉතා සුන්දර ලෙස චලනය වෙන “ක්ෂුද්‍ර ප්‍රානින්” තමාගේ කෙලවල පවා ජීවිත් වන බව පෙන්වල දුන්නෙ 1674 දී.
         අන්ව්ක්ෂය තුලින් පෙනුනු මේ කුඩා ප්‍රනින්ගේ ආරම්භය පිලිබදව එකල විද්‍යඥයො බලුවේ විශ්මයෙන්. ඔවුනට ඒ අයහේ ලිංගික ප්‍රජනනය කියලා දෙයක් හොයාගන්න තියා හිතාගන්නවත් බැරි උනා.
එතකොට මේ පුංච් ජීවින් හටගන්නේ කොහොමද? යළිත් මුල් ප්‍රශ්නයම ඇති වුණා. ආයිමත් ගියේ මුලටමයි . ඒ කියන්නේ ඒ ක්ෂුද්‍ර ප්‍රානින් ඉබේම ඇතිවන්නට ඇති කියන අදහසමයි.